Pages

Saturday, February 22, 2014

වසර 100කට පෙර මුහුදට බිලිවූ දූපතක් නැවත මතුවෙයි!!

1905 වර්ශයේදී ඇතිවූ විනාශකාරී ටයිෆූනයක් (ටයිෆූනයක් යනු දරුණු විනාශකාරී සුළඟකින් යුත් නිවර්තන කුණාටුවක්) හේතුවෙන් සම්පූර්ණයෙන්ම මෙන් මුහුදට බිලිවූ නඩික්ඩික් අතල (අතලක් යනු මැද ජලාශයක් සිටින සේ සෑදුනු හිරිගල් දිවයිනක්) වසර සියයකට පසුව නැවතත් මතුව තිබෙනවා. පැසිෆික් සාගරයේ තිබී මුහුදුබත් වූ මෙම දිවයිනට බලපෑ විනාශයෙන් එහි වාසය කල සියල්ලන්ම පාහේ මරණයට පත්ව තිබෙන අතර දිවි බේරාගැනීමට හැකිව ඇත්තේ මිනිසුන් දෙදෙනෙකුට පමණයි. එමෙන්ම මෙම සිද්ධියෙන් සම්පූර්ණ දූපතම මෙන් ජලයෙන් වැසී ගියා.

නවතම නිරීක්ෂණ කටයුතු වලින් නවසීලන්ත නිරීක්ෂණ කණ්ඩායමක් මෙම අතල නැවතත් ප්‍රතිනිර්මාණය වෙමින් පවතින බවට සොයාගෙන තිබෙනවා.

නඩික්ඩික් අතල නැවත ප්‍රතිනිර්මාණය වී ඇති අයුරු

නවසීලන්ත ජාතිකයන් දෙදෙනෙක් වන ආචාර්ය මරේ ෆෝර්ඩ් සහ මහාචාර්ය පෝල් කෙන්ච්ගේ අධ්‍යයන කටයුතු වලින් ටයිෆූන විනාශයෙන් පසු ඉතිරිවූ කොටස් මතින් නැවතත් අතල නිර්මාණය වන බවට ඔවුන් සොයාගෙන තිබෙනවා. ඔවුන් මෙම අධ්‍යයන කටයුතු සඳහා යොදාගෙන තිබෙන්නේ වර්ෂ 1945 සිට 2010 දක්වා මෙම අතලේ ගුවනින් ලබාගත් ඡායාරූපයි.

එම වසර 60ක කාලය තුලදී ගහකොළ ඉතා සාරවත් ලෙසින් වර්ධනය වී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. එමෙන්ම මෙම කාලය තුලදී මුලින් මුඩුබිම්ව පැවති ප්‍රදේශ වලින්ද 25%ක පමණ ප්‍රදේශ වල ගහකොළ වැවී තිබෙනවා.

ටයිෆූනය හේතුවෙන් විනාශ වී ගොස් වැලි සහ කොරල් පමණක් ඉතිරිව තිබූ නඩික්ඩික් අතල මේ වන විට වෘක්ෂලතාදිය වැවුණු ස්ථායී දිවයිනක් බවට පත්ව තිබෙනවා.

නඩික්ඩික් අතල 1945දී සහ 2010දී


මෙම දූපත වටා පිහිටි මුහුදේ ඇති සාරවත් බව මෙම දූපත ශීඝ්‍ර වර්ධනයට හේතුවී ඇති බව විද්‍යාඥ්‍ය මතයයි. "කුණාටුව (ටයිෆූනය) හේතුවෙන් රොන් මඩ හා කොරල් විශාල වශයෙන් දූපත දෙසට ගසාගෙනවිත් තිබෙනවා. මෙය දූපතේ ශීඝ්‍ර වර්ධනයට හේතු වූවාට සැකයක් නැහැ." විද්‍යාඥ්‍යන් අදහස් දක්වමින් කියා සිටිනවා.

නඩික්ඩික් අතල පිහිටා තිබෙන ස්ථානය

"මෙයින් අපට අවබෝධ කරගතහැකි කරුණ තමයි විශාල විශාල විනාශකාරී සිදුවීමකින් දූපතක සම්පූර්ණයෙන්ම විනාශ වී යාහැකි වුවත් එය නැවත නිර්මාණය වීමට අවශ්‍ය පසුබිමද එමගින්ම සපයන බව." ඒ ආචාර්ය ෆෝර්ඩ්ගේ මතයයි.

පෘථිවි උෂ්ණත්වය ඉහළ නැගීම නිසා සිදුවෙන මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් බොහෝ දූපත් යටවී යනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කලත් මෙම සිදුවීම එම අදහසට විරුද්ධව කරුණු කියාපානවා. (වර්ෂ 1946න් පසු මෙම දූපත වටා මුහුදු ජල මට්ටම වසරකට මිලි මීටර් 2.2කින් ඉහළ නැගි බවට සොයාගෙන තිබෙනවා.)



ඩේලිමේල් ඇසුරිනි.


Read More

Tuesday, February 18, 2014

අන්තර්ජාලය හරහා නොමිලේ සජීවීව TV බලන්න

අන්තර්ජාලය හරහා නොමිලේම ක්‍රීඩා වැඩසටහන් සජීවීව නරඹන්න. එදිනෙදා යෙදෙන වැඩකටයුතුත් එක්ක තමන් කැමතිම ක්‍රීඩා වැඩසටහන් සජීවීව රූපවාහිනිය හරහා නැරඹීම අපහසු වෙන අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් වෙන්න පුලුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. පහළින් දීලා තියෙන links වෙත ගොස් තමන්ට නැරඹීමට අවශ්‍ය තරගයට අදාළව ලබා දීලා තියෙන servers වලින් එකක් තෝරගන්න එක විතරයි.

පළමු වෙබ් අඩවිය (ක්‍රිකට් තරඟ පමණි)

දෙවන වෙබ් අඩවිය (සියලුම ක්‍රීඩා තරඟ)

තෙවන වෙබ් අඩවිය (ක්‍රිකට් තරඟ පමණි)

විශේෂයෙන් සඳහන් කරන්න ඕනි මේ වෙබ් අඩවි තුනේම සේවාවන් ලබාදෙන්නේ නොමිලයේ. එම නිසා කිසිම ආකාරයක ගෙවීමක් කරන්න සිදුවෙන්නේ නෑ.


Read More

Thursday, February 13, 2014

වසර 1700ක් පැරණි ඊජිප්තු පාසලක් සොයා ගැනේ!!!

අපි හැමෝම දන්නා පරිදි ඊජිප්තුව කියන්නේ ගොඩක් දියුණු ශිෂ්ඨාචාරයක් තිබුනු රටක්. අධ්‍යාපනය මෙම පැරණි ශිෂ්ඨාචාරයේ පවා නියත අංගයක් වූවාට සැකයක් නැහැ. මෑත කාලිනව පුරාවිද්‍යාඥ්‍යන් පිරිසකට හැකිවෙලා තියෙනවා ඉතාමත්ම පැරණි පාසලක නටඹුන් කැණීම් මාර්ගයෙන් මතු කර ගැනීමට. ධක්ලා ඕසිස් හි ඇමීඩා නම් ප්‍රදේශයෙන් තමයි මෙම පුරාතනික පාසල සොයා ගෙන තිබෙන්නේ. මෙම ස්ථානයට නයිල් ගඟේ සිට සැතපුම් 200ක පමණ දුරක් ඇති අතර ඈත අතීතයේදී මෙම ප්‍රදේශය හඳුන්වා ඇත්තේ ට්‍රිමිතිස් නමින්. කැණීම් වලින් සොයාගෙන ඇත්තේ පාසලක් බවට තහවුරු කරගෙන ඇති අතර මෙහි පංති කාමර වර්තමානයේ පංති කාමර වලට සෑහෙන දුරට සමානකම් දක්වනවා.

සොයාගෙන ඇති පාසලේ නටඹුන්
සොයාගෙන ඇති පාසලේ නටඹුන්



මෙම පාසලේ පංති කාමරවල ග්‍රීක භාෂාවෙන් ලියැවුනු උද්ධෘත පාඨ පැහැදිලිව දක්නට ලැබෙන අතර මෙම පාඨ උපුටාගෙන ඇත්තේ සුප්‍රසිද්ධ වීර කාව්‍යයක් වන හෝමර් විසින් රචිත "ඔඩිසි" නම් කාව්‍යයෙන්. මෙය මෙවැනි ආකාරයේ උද්ධෘත පාඨ ලියා දක්වා ඇති, නිශ්චිත වශයෙන්ම පාසලක් බවට තහවුරු කරගත් පළමු ස්ථානයයි.


ග්‍රීක භාෂාවෙන් ලියැවුනු උද්ධෘත පාඨ



විද්‍යාඥයන් විශ්වාස කරන ආකාරයට මෙම ස්ථානය පාසලක් ලෙසින් වසර 20ක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව එකල සිටි සෙරනොස් නම් නගර පාලකයෙකු මෙය තම නිවහනේ කොටසක් බවට පත්කරගෙන ඇත. මොහු විසින් මෙම ගොඩනැගිල්ලේ බිත්තිවල ඇති දේව රූප ඇන්දවූ බවටයි විශ්වාස කෙරෙන්නේ.

ග්‍රීක දේව රූප



මෙම ගොඩනැගිල්ලේ නටඹුන් 1979 වසරේදී සොයාගෙන ඇතත් මෙහි බිත්තිවල ලියැවුනු දේ මතුකර ගැනීමට  පුරාවිද්‍යාඥයන්ට හැකිව ඇත්තේ 2001 වසරේදියි. මෙම ගොඩනැගිල්ල භාවිතා වූයේ කුමන අරමුණක් සඳහාද යන්න අනාවරණය කරගැනීමට හැකිවුනේ ඉන් අනතුරුවයි.

"මෙම ගොඩනැගිල්ල ඉතා විශේෂිත වූවක්. මොකද මෙම ගොඩනැගිල්ල අයත් වන යුගයේ පාසලක් ලෙස භාවිතා කරන ලද බවට නිසැකවම හඳුනාගත් එකම ගොඩනැගිල්ල මෙයයි." නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක වන රෆායෙලා ක්‍රිබියෝර් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටිනවා.




ඩේලිමේල් ඇසුරෙනි.


Read More

Tuesday, February 11, 2014

Nemo 33 - ලොව ගැඹුරුතම පිහිනුම් තටාකය

බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ පිහිටා ඇති Nemo 33 ලොව ගැඹුරුතම පිහිනුම් තටාකය ලෙස සැලකෙනවා. කිමිදුම්කරුවන්ගේ පාරාදීසයක් ලෙස හැඳින්වෙන මෙය සැළසුම් කර ඇත්තේ බෙල්ජියානු ජාතික කිමිදුම් ශූරයෙකු වන ජෝන් බියනාර්ට්ස් විසින්.

ඉහලින් බැලූ කල පෙනුම


උපරිම ගැඹුර මීටර් 34.5ක් (අඩි 113ක්) වන මෙහි ජලය ලීටර් මිලියන  2.78787ක් අන්තර්ගතයි. තවද මෙම තටාකයේ ඇති විශේෂත්වයක් වන්නේ මෙහි ඇති ජලයට ක්ලෝරීන් එක්කර නොතිබීමයි. ඉතා හොඳින් ෆිල්ටර් කරන ලද ජලයෙන් මෙම තටාකය පිරී තිබෙන අතර ජලයේ උෂ්ණත්වය සැමවිටම 30 °C (86 °F) තත්වයේ රඳවා තබා ගැනෙනවා.

අඩි 33ක් ගැඹුරේදී

අඩි 33ක් ගැඹුරේදී විවිධ ගුහා ආකාරයෙන් කල නිර්මාණයක් මෙහි දක්නට ලැබෙන අතර අඩි 113ක ගැඹුරක් කරා දිවෙන වෘත්තාකාර නළය ආරම්භ වන්නේ මෙම මට්ටමේදීයි.







වර්ශ 2004දී ගොඩනංවා ඇති මෙම පිහිනුම් තටාකයේ අරමුණු වී ඇත්තේ කිමිදුම් පුහුණුකරණය හා චිත්‍රපට නිර්මාණ කටයුතු සඳහා යොදාගැනීමටයි. කෙසේ වෙතත් අවුරුදු 12න් ඉහළ සංචාරකයන්ට මෙම තටාකය භාවිතා කිරීමට අවස්ථාව තිබෙන අතර ඒ සඳහා ඔවුන් අවශ්‍ය කරන යෝග්‍යතා මට්ටම් සපුරා තිබිය යුතුයි.


Read More

Monday, February 10, 2014

යක්ෂයාගේ පොකුණ

සැම්බියාව සහ සිම්බාබ්වේ දේශසීමාවේ වික්ටෝරියා දිය ඇල්ල පිහිටා ඇත. ලොව විශාලතම දිය ඇලි වලින් එකක් වන වික්ටෝරියා ඇල්ලේ උස අඩි 355ක්. වික්ටෝරියා දිය ඇල්ල අයිති වෙන්නේ සැම්බියා ගඟටයි.






මෙම දිය ඇල්ලේ ඉහළ පිහිටා ඇති අපූරු ස්වාභාවික පොකුණ තමයි යක්ෂයාගේ පොකුණ ලෙසින් හැඳින්වෙන්නේ.

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ යක්ෂයාගේ පොකුණ පිහිටා ඇති ස්ථානයයි



වියළි කාලයේදී ජලය අඩු වීමත් සමග මෙම පොකුණ සංචාරකයන්ගේ නාන තටාකයක් බවට පත් වෙනවා. කෙසේ වෙතත් මෙම තටාකයේ ස්නානය කරන්නන් හා අඩි 355ක ප්‍රපාතය අතර ඇත්තේ ලිස්සන සුලු ගල් පර්වතයක් පමණයි. මෙම ගල් පර්වතයත් පිහිටා ඇත්තේ වතුර පහරට යටින්.









කොච්චර ලස්සන තැනක් උනත් කොච්චර අපූරු අත්දැකීමක් උනත් මෙතනින් නාගන්නනම් ඉතිං හිතේ හයිය නැතුව බෑ.



Read More

"The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

2013 වර්ෂයේදී නිකුත් වූ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වූ "The Conjuring" අධ්‍යක්ෂණය කරනු ලැබුවේ මැලේසියානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන ජේම්ස් වොන් විසින්. මෙම චිත්‍රපටයට සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිපදවූවක්. The Conjuring නරඹන අතරතුරේදී කොඳු නාරටිය සීතල වී මුලු ඇඟම හිරිවැටී යන්නේ වරක් දෙවරක් නොවේ.




චිත්‍රපටයට පදනම් වූ සත්‍ය කතාව 


එඩ් සහ ලොරේන් අඹු-සැමි යුවළ (වොරන් යුවළ) ඇමෙරිකානු අද්භූත සිදුවීම් පරීක්ෂක (Paranormal Investigators) යුවළක්.



මොවුන් දෙදෙනා සිදුවීම් 10,000කටත් අධික ප්‍රමාණයකට සම්බන්ධව ක්‍රියාකර ඇති බවටයි සඳහන් වෙන්නේ.


මෙම කතාවේ අද්භූත සිදුවීම් වලට මුහුණ දෙන්නේ පෙරන් පවුලයි. සාමාජිකයින් ගණන 7ක් වන ඔවුන්ගේ පවුලේ දරුවන් පස් දෙනාම ගැහැණු දරුවන්.






රොජර් සහ කැරොලින් පෙරන් 1971දී රෝඩ් අයිලන්ඩ් හි හැරිස්විල් ප්‍රදේශයේ නව නිවසක පදිංචියට පැමිණෙනවා. නමුත් ඔවුන් එහි පදිංචි වී ටික දවසකින්ම ඔවුන්ට අද්භූත ආකාරයේ අත්දැකීම් වලට මුහුණ දීමට සිදු වෙනවා. හරියටම උදෑසන 5.15ට පමණ මස් පිළිස්සෙන දුගඳක් දැනීමත් ඔවුන් නිදා සිටින විට කකුල් වලින් ඇදීමත් නිතරම සිදුව තිබෙනවා. මෙම කරුණු ගැන පරීක්ෂණ පැවැත්වීමට ඔවුන් වොරන් යුවළට ආරාධනා කොට තිබෙනවා. වොරන් යුවළගේ පරීක්ෂණ සටහන් වලට අනුව චිත්‍රපටය නිපදවී ඇති අතර එම සිදුවීම් සියල්ලම පාහේ සත්‍ය බවට  ඇන්ඩ්‍රියා පෙරන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් මෙම නිවසෙහි වසර 10ක් ජීවත්ව සිට ඇති අතර පවුලේ වැඩිමහල් දියණිය වන ඇන්ඩ්‍රියා පෙරන් ඔවුන් මුහුණදුන් අත්දැකීම් ගැන House of Darkness House of Light නමින් පොතක් ලියා පළකර තිබෙනවා.

චිත්‍රපටයේ සඳහන් වන පරිදි පෙරන් පවුලට කරදර කරන භූතාත්මය වන්නේ බාත්ෂීබා ශර්මන් නම් යක්දෙස්සියක්. නමුත් බාත්ෂීබා යක්දෙස්සියක්ද යන්න ගැන කිසිම තීරණාත්මක සාධකයක් හමුවී නැහැ. දැනට සොයාගෙන තිබෙන කරුණු අනුව නම් ඇය සාමාන්‍ය ආකාරයෙන් ජීවත් වී 1885දී මියගිය බවටයි සැළකෙන්නේ. ඇය සාමාන්‍ය ආකාරයෙන් පවුල් ජීවිතයක් ගෙවා ඇති බවටද ඇගෙන් පැවතෙන පරම්පරාවක් සිටිනා බවටද විශ්වාස කෙරෙනවා. පහත දැක්වෙන ඡායාරූපයේ ඇය සිටිනා බවට මත පළ වී ඇතත් (ඇන්ඩ්‍රියා පෙරන්ගේ කෘතියේ සඳහන් වන ආකාරයට) එය නිශ්චිත වශයෙන්ම සනථ කොටගෙන නැහැ.



නමුත් ජනප්‍රවාද වලට අනුව නම් බාත්ෂීබා යක්දෙස්සියක්. මේ පිළිබඳ මුලින්ම සැක පහළව ඇත්තේ ඇයගේ භාරයේ සිටි ළදරුවෙකු අභිරහස් ආකාරයෙන් මිය යාමත් සමගයි. ළදරුවාගේ මරණ පරීක්ෂණයෙන් හෙලිවී තිබෙන ආකාරයට ළදරුවාගේ මරණය සිදුව තිබෙන්නේ විශාල ඉඳිකටුවක් හිස් කබල සිදුරු කරගෙන යාමෙනුයි. සාක්ෂි මඳකම නිසා ඇයව මෙම මරණයට නිවැරදිකරු වුවද එම නගරයේ මිනිසුන්ගේ මතය වූයේ බාත්ෂීබා එම ළදරුවාව යක්ෂයාට බිලිපූජාවක් ලෙසින් බිල්ලට දුන් බවයි.

බාත්ෂීබාගේ සොහොන
1885 මැයි මස 25 වනදා බාත්ෂීබා ශර්මන් මියගොස් ඇත්තේ වයසට යාමෙන් අනතුරුව ස්වාභාවික ආකාරයෙනුයි. ඉහත ඡායාරූපයේ දැක්වෙන ඇයගේ සොහොන පිහිටා ඇත්තේ රෝඩ් අයිලන්ඩ් හි හැරිස්විල්හි සුසාන භූමියේයි.

පෙරන් පවුලට කරදර කල භූතාත්මය බාත්ෂීබා බවට තීරණය කර ඇත්තේ ලොරේන් වොරන් විසින්. ඒ හරියටම ඉඳිකටුවකින් සිදුරු කලා වැනි තුවාලයක් කැරොලින් පෙරන්ගේ (මවගේ) කකුලේ අද්භූත ආකාරයෙන් ඇති වීමෙන් පසුව හා බාත්ෂීබ පිළිබඳ පුරාවෘත්තය ඇසීමට ලැබීමෙන් පසුවයි.

මෙම නිවසේ ඉතිහාසය සොයා බලද්දී එහි සිදුවී ඇති අකල් මරණ ගණන 10ක් ලෙසටයි සඳහන් වන්නේ. මින් 2ක් ගෙල වැළලාගෙන කරගත් සියදිවිනසාගැනීම් ලෙසටත් තවත් එකක් වස පානය කර සියදිවි නසාගැනීමක් ලෙසටත් දියේ ගිලී සිදුවූ මරණ 2ක් ලෙසටත් අධික ශීතල නිසා ඇතිවූ මරණ 4ක් ලෙසටත් සඳහන් වන අතර අනෙක් මරණය වයස 11ක දරුවෙකුව දූෂණය කර මරා දැමීමක්.

සිදුවීමට පාදක වූ නිවසේ වර්තමාන (2000 වර්ශයේදී) පෙනුම



මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන්ගේ සත්‍ය ඡායාරූප

ලොරේන් වොරන්
එඩ් වොරන්
කැරොලින් පෙරන්
රොජර් පෙරන්
ඇන්ඩ්‍රියා පෙරන්
නැන්සි පෙරන්
ක්‍රිස්ටීන් පෙරන්
සින්ඩි පෙරන්
ඒප්‍රිල් පෙරන්



අනෙකුත් සෑම අද්භූත කතාවක් මෙන්ම මෙම කතාවද විශ්වාස නොකරන බොහෝ පිරිසක් වන අතර ඒ පිළිබඳ තීරණය කිරීම ඔබට භාරයි.


මූලිකවම කරුණු ලබාගත්තේ historyvshollywood.com වෙබ් අඩවියෙනි.



Read More

Sunday, February 9, 2014

හිලියර් විල - බටහිර ඕස්ට්‍රේලියාව

බටහිර ඕස්ට්‍රේලියාවේ එස්පෙරන්ස් නගරය ආශ්‍රිතව පිහිටා ඇති රිෂර්ෂේ දූපත් සමූහයට අයත් විශාලතම දූපත වන මිඩ්ල් අයිලන්ඩ් එහෙමත් නැතිනම් මධ්‍යම දූපතෙහි පිහිටා ඇති මෙම හිලියර් විලෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම විල තනිකරම රෝස පැහැති වීමයි.



මෙම විලෙහි ඇති ජලයේ ලවණ ගතිය මුහුදු ජලයෙහි මෙන් 10 ගුණයක් පමණ වන අතර එය මෙම විලෙහි රෝස පැහැයට හේතු විය හැකි එක් කරුණක් බවට විද්‍යාඥයන් මත පළ කරනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම ලුණු මතුපිට වෙසෙන බැක්ටීරියා විශේෂයක් නිකුත් කරන ඩයි වර්ගයක් නිසා මෙම විලෙහි ජලය රෝස පැහැගැන්වී තිබෙන බවටයි විද්‍යාඥයන් අදහස් කරන්නේ.



දිගින් 600m පමණ වන හිලියර් විල අලංකාර වැලි තලාවකිනුත් ඊට එපිටින් පිහිටි ඝන වනයකිනුත් වටවී තිබෙනවා.  ඉතිහාසගත කරුණු සලකා බැලීමේදී හිලියර් විල සම්බන්ධව මුල්ම වරට සටහනක් හමුවන්නේ වර්ෂ 1802දී ගවේශකයෙකු වන මැතිව් ෆ්ලින්ඩර්ස්ගේ වාර්තා සටහන් වලින්.





Read More
Related Posts with Thumbnails