Pages

Showing posts with label ඕස්ට්‍රේලියාව. Show all posts
Showing posts with label ඕස්ට්‍රේලියාව. Show all posts

Tuesday, March 11, 2014

පිඹුරෙක් කිඹුලෙකුව ගිලී!!





පැය පහක් තිස්සේ සිදුකල සටනකින් පසුව පිඹුරෙකු විසින් කිඹුලෙකුව සම්පූර්ණයෙන්ම ගිල දැමූ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා. මෙම සිද්ධිය සිදුව තිබෙන්නේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඊසා කඳුකරය ආසන්නයේ පිහිටා ඇති මුන්ඩාරා විල් ඉවුරේදීයි. සිදුවීම සජීවිව සියැසින් දැකගැනීමට අසල්වාසීන් සමත්ව ඇති අතර මෙහි වීඩියෝවක්ද යූටියුබ් හරහා ප්‍රචලිත උනා.

"කිඹුලාව ගිල දැමීමෙන් අනතුරුව පිඹුරාගේ කුස තුල කිඹුලාගේ හැඩය පැහැදිලිවම දකින්නට තිබුනා. ඒක තමයි අපූරුම දෙය. කිඹුලාගේ පාද සහ ඇඟේ හැඩය මෙන්ම විශාලත්වයද පැහැදිලිවම පෙනුනා. එය හරිම පුදුමාකාරයි." ගම්වැසියෙකු වන ටිෆනි කෝර්ලිස් ඕස්ට්‍රේලියානු ABC ප්‍රවෘත්ති විකාශයට පවසා තිබෙනවා.

පිඹුරන් විසින් කිඹුලන්ව ගිල දැමීම එතරම්ම දුර්ලභ සිදුවීමක් නොවන බව කියා සිටින ලින්ඩ්සේ හෝර්ඩ් මෙවන් සිදුවීම් දකුණු ඇමෙරිකාවේද වරින්වර සිදුවන බව පෙන්වා දෙනවා. ඇය ජෛවවිද්‍යාඥවරියක්.

මේ පිඹුරා ඕස්ට්‍රේලියාවට ආවේනික පිඹුරු විශේෂයක් වන ඔලිව් පිඹුරෙකු ලෙසට හඳුනා ගෙන තිබෙනවා. දකුණු ඩැකෝටා උරග සත්වෝද්‍යානයේ, ටෙරී ෆිලිප් පවසා සිටින ආකාරයට ඔලිව් පිඹුරන් විශාල ගොදුරු ගිල දැමීමට උපන් හපන්නු වන අතර ඔවුන්ට විශාල ශක්තියක්ද ඇත. ඔහු තවදුරටත් සඳහන් කරන ආකාරයට මෙම පිඹුරන් තමන්ගේ ශරීර ප්‍රමාණය මෙන් 75%- 100% අතර ප්‍රමාණවල ගොදුරු නිතරම ගිල දමනවා.

යූටියුබ් වීඩියෝව පහතින් නරඹන්නට පුලුවන්.






Read More

Sunday, February 9, 2014

හිලියර් විල - බටහිර ඕස්ට්‍රේලියාව

බටහිර ඕස්ට්‍රේලියාවේ එස්පෙරන්ස් නගරය ආශ්‍රිතව පිහිටා ඇති රිෂර්ෂේ දූපත් සමූහයට අයත් විශාලතම දූපත වන මිඩ්ල් අයිලන්ඩ් එහෙමත් නැතිනම් මධ්‍යම දූපතෙහි පිහිටා ඇති මෙම හිලියර් විලෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම විල තනිකරම රෝස පැහැති වීමයි.



මෙම විලෙහි ඇති ජලයේ ලවණ ගතිය මුහුදු ජලයෙහි මෙන් 10 ගුණයක් පමණ වන අතර එය මෙම විලෙහි රෝස පැහැයට හේතු විය හැකි එක් කරුණක් බවට විද්‍යාඥයන් මත පළ කරනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම ලුණු මතුපිට වෙසෙන බැක්ටීරියා විශේෂයක් නිකුත් කරන ඩයි වර්ගයක් නිසා මෙම විලෙහි ජලය රෝස පැහැගැන්වී තිබෙන බවටයි විද්‍යාඥයන් අදහස් කරන්නේ.



දිගින් 600m පමණ වන හිලියර් විල අලංකාර වැලි තලාවකිනුත් ඊට එපිටින් පිහිටි ඝන වනයකිනුත් වටවී තිබෙනවා.  ඉතිහාසගත කරුණු සලකා බැලීමේදී හිලියර් විල සම්බන්ධව මුල්ම වරට සටහනක් හමුවන්නේ වර්ෂ 1802දී ගවේශකයෙකු වන මැතිව් ෆ්ලින්ඩර්ස්ගේ වාර්තා සටහන් වලින්.





Read More
Related Posts with Thumbnails